හැරී පොටර් - Harry Potter

 


*හැරී පොටර්🩶⚡*


හැරී පොටර් ඉපදුණේ 1980 ජූලි 31 වෙනිදා ගොඩ්රික්ස් හෝලෝවලදී.ලිලී සහ ජේම්ස් පොටර් තමයි  හැරීගෙ දෙමව්පියෝ.හැරීට අවුරුද්දක් වෙද්දිම ඒ  වෙනකොට ලෝකේ පාලනය කරගෙන හිටපු *නම නොකියන තැනැත්තා* එහෙම නැත්නම් *වොල්ඩෙමෝර්ට්* විසින් හැරීගෙ අම්මයි තාත්තයි දෙන්නවම මරලා දානවා.ඒත් ඒ වෙනකොට අවුරුද්දක් විතර උන හැරීව මරන්න වොල්ඩෙමෝර්ට්ට බැරි වෙනවා වගේම හැරීට කරපු ශාපය ආපසු  ක්‍රියාත්මක වෙලා වොල්ඩෙමෝර්ට් බලහීන තත්ත්වයට පත් වෙනවා. 


හැරීට අවුරුදු එකොළහක් වෙනකන්ම ජීවත් වෙන්න වෙන්නේ මායාකාර ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න ඒවගේම මායාකාරයන්ට පොඩ්ඩක්වත් කැමති නැති හැරීගෙ පුංචියි බාප්පයි එක්ක.ඒත් අනිතිමේදි එකොළොස්වෙනි උපන්දිනේ දවසේ හොග්වාර්ඩ්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලෙන් ආව ලියුමත් එක්කම හැරීගේ මුළු ජිවිතේම වෙනස් වෙනවා.ඔන්න මෙතනින් තමයි හැරී පොටර් කතාව හරියටම පටන් ගන්නේ. හැරීට හොග්වාර්ඩ්ස්වලට ගිය පළවෙනි අවුරුද්දෙ ඉඳන්ම වොල්ඩෙමෝර්ට්ට විරුද්ධව සටන් කරන්න සිද්ධ වෙනවා. හොග්වාර්ඩ්ස්වලදි හැරීට හම්බ උන,ඕනිම වෙලාවකදි හැරීව තනි නොකරන රොන් සහ හර්මියොනුත් හැරීට මේ හැමදේකදිම උදව් කරනවා.හැරී පොටර්ගේ හොග්වාර්ඩ්ස් හතරවෙනි අවුරුද්දෙ පැවැත්වුණ ට්‍රයිවිසද් කුසලාන තරඟය අතරදි බලහීන තත්ත්වයේ හිටපු වොල්ඩෙමෝර්ට් නැවතත් ශක්තිමත් වෙනවා.මේ නිසා හැරීගේ ප්‍රධානාචාර්‍ය ප්‍රොෆෙසර් ඩම්බ්ලෙඩෝර්ගෙත් උදව් ඇතුව හැරී  වොල්ඩෙමෝර්ට්ට විරුද්ධ සටන් කරන්න පටන් ගන්නවා.

හයවෙනි අවුරුද්දෙදි ප්‍රොෆෙසර් ඩම්බ්ලෙඩෝර්ගෙ මරණින් පස්සෙ හැරී,රොන් සහ හර්මියොන් එක්ක තනිවම ඒ සටන ඉදිරියට ගෙනියනවා.කොහොමහරි මේ අතරම තමයි හැරීට තමන්ගේ ආදරය හම්බ වෙන්නෙත්.ඒ රොන්ගේ නංගි උන *ජිනී වීස්ලි*.ජීනි කියන්නේ හැරීගේ ගොඩක් තීරණවලට එකඟ උන ඕසිම දෙයකට නොබියව මුහුණ දෙන කෙනෙක්. ඉතිං  ගොඩක් අමාරු දුෂ්කර තීරණ,සිත් රිදීම්,වෙන්වීම් එක්කම හැරී රොන් සහ හර්මියොන් මේ සටන අත් නොහැරම තියාගන්නවා.ගොඩක් මායාකාරයෝ වගේම හොග්වාර්ඩ්ස් පාසලේ හැමෝමත් වගේ තමන්ගේ ජිවීත පවා පරදුවට තියමින් හැරී එක්ක එකමුතු වෙනවා.හැරීගේ හොග්වාර්ඩ්ස් හත්වෙනි අවුරුද්දෙදි මායා ලෝකයට වගේම සාමාන්‍ය ලෝකයටත් සාමය උදා කරමින් හැරී වොල්ඩෙමෝර්ට්ව විනාශ කරනවා. ඉතිං විශේෂයෙන් හැරී පොටර් ගැන කිව්වොත් හැරී පොටර් කියන්නේ නිර්භීත ඒ වගේම දක්ෂ කොල්ලෙක්.


_ඇත්තටම හැරී පොටර් කතාව මීට වඩා ගොඩක් දිගයි.ඒ වගේම ලස්සනයි.මන් හැරී පොටර් ගැන කිව්වේ ගොඩා...ක් කෙටියෙන්.ඒක නිසා හැරී ගැන හැමදෙයක්ම මේකෙ නෑ.සේරම දේවල් ලියන්න ගියොත් පොතක්ම ලියන්න වෙයි😁_  


*කියවලා නැති අය කියවලා බලන්න ගොඩක් ලස්සන Novel series එකක්🌚ඒ වගේම movies ටිකත් ගොඩක් ලස්සනයි🩷*

Author By Uthpala sathsarani

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.