ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes )

 


සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් නොදන්නේ කවුද?


ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන  සර් ආතර් කොනන් ඩොයිල් ( Arthur Conan Doyle) විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත ප්‍රභන්ධ චරිතයකි.1986 මාර්තු මාසයේ මුලින්ම ෂර්ලොක් හෝම්ස් චරිතය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් A Study in Scarlet (ලෝහිත පරීක්ෂණය) ලෙස නම්කෙරුණු කතාවට රහස් පරීක්ෂකයෙකු ලෙස ඉදිරිපත්කලා. නමුත් මේ කතාව ප්‍රසිද්ධ කිරීම කොනන් ඩොයිල්ට තරමක් අසීරු කටයුත්තක් වුණා.කෙසේ හෝ 1890 දී ආරම්භ වුන “The Strand” සඟරාවේ කතෲ තම සඟරාවට ෂර්ලොක් හෝම්ස් කතා ලිවීමට කොනන් ඩොයිල්ට ආරාධනා කලා. මෙයින් අතිශය ප්‍රසිද්ධියට පත්වුන ෂර්ලොක් හෝම්ස් චරිතය නිසා කොනන් ඩොයිල්ට තම වෘත්තියද අතහැරදාන්න වුනා. 


මෙසේ ආතර් කොනන් ඩොයිල් විසින් රචනාකල ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60කි. මෙයින් කතා හතරක් දීර්ඝ කතා වේ.


* A Study in Scarlet (1987)

* The Sign of Four (1890)

* The Hound of the Baskervilles (1901- 1902)

* The Vally of Fear (1914-1915)


මීට අමතරව කෙටි කතා 56කි. එම කෙටි කතා 56 කොටස් 6ක් යටතේ වර්ගකර ඇත.


* The Adventures of Sherlock Holmes (1891-1892)

* The Memories of Sherlock Holmes (1892 -1893)

* The Return of Sherlock Holmes (1903- 1904)

* His last Bow (1917)

* Reminiscences of Sherlock Holmes (1908-1913)

* The Case-Book of Sherlock Holmes (1921-1927)


එදා මෙදා තුර ෂර්ලොක් හෝම්ස් ලොව පුරා රසික ආදරයට පාත්‍ර වූ සුවිශේෂී චරිතයක් වුණා.අද වන විටත් තම ජනප්‍රියත්වය එලෙසම පවත්වාගෙන යාමට  ෂර්ලොක් හෝම්ස් සමත් වී තිබෙනවා.


ෂර්ලොක් හෝම්ස්ගේ වාර්තාකරු වන්නේ දොස්තර වොට්සන් ය. දොස්තර වොට්සන් ඉන්දියාවේ සේවය කර ලන්ඩනයට පැමිණිවිට අවස්ථාවේදී ෂර්ලොක්ව මුණ ගැසේ. ෂර්ලොක් හෝම්ස් සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන උපදේශක රහස් පරීක්ෂකයෙකි. ඔහුට වයලීනය වාදනය කළ හැකි අතර මෝෆින් සහ සමහර විට කොකේන් වලට ඇබ්බැහි වී ඇත.තමන් සතුව තිබුන බුද්ධිය, පළපුරුදධ හා ඉවසීම භාවිතා කරමින් විශාල අපරාධ රාශියක සුල මුල සොයාගත් මොහු දක්ෂ රහස් පරීක්ෂක වරයෙකි.මයික්‍රොසොෆ්ට් හෝම්ස් ෂර්ලොක් හෝම්ස්ගේ එකම සහෝදරයායි. මයික්‍රොසොෆ්ට් හෝම්ස් ෂර්ලොක් හෝම්ස් වගේම නිරීක්ෂණ මගින් නිගමනයට එළඹීමට දක්ෂ වුනත් තරමක් මිනිසුන් අතරට යොමු නොවන පුද්ගලයෙකි. ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධාන හතුරා මහාචාර්ය මොරියාටි ය. මහාචාර්ය මොරියාටි ෂර්ලොක් සමඟ ඇතිකරගන්නා ගැටළුවලින් බොහෝවිට කිසිවෙකුට ජය නොලැබේ. 


ෂර්ලොක් හෝම්ස් ගැන නොදන්නේ කවුද?මෙලෙස වැඩි ජනාදරයකට පත් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලොව පුරා තව තවත් ජනප්‍රිය වෙමින් පවතිනවා.එමෙන්ම අද වන විටත් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව පාදක කර ගනිමින් විවිධ නිර්මාණය බිහි වෙමින් පවතිනවා.

Author: Wasana Edirisingha

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.